මම සුජානි මේනකාටත් කැමති – මේනක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

මම සුජානි මේනකාටත් කැමති – මේනක


නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ කව්රුත් හොඳට දන්න ජනප්‍රිය නළු නිළි යුවළක්. ඔවුන් දෙදෙනාගේ ඒ ජනප‍්‍රියත්වය වැඩි වෙන්න හේතුවුනේ මේනකයි නෙහාරයි දෙන්නාගේ විවාහය කියලා තමයි ගොඩක් අය කියන්නේ.

මේනක රාජපක්ෂ මධ්‍ය වෙත දැක් වූ අදහස් කිහිපයක් පහතින්,

මෙතෙක් රඟපෑ ආදර ජවනිකා අතර ඔබ කැමැතිම ආදරවන්තිය කව් ද?

නෙහාරා ඇරුණම මම කැමැතිම නිළිය සුජානි මේනකා

ඔබ වෙනත් නිළියන් සමග ආදර ජවනිකා රඟගපෑම පිළිබඳ නෙහාරාගේ ප‍්‍රතිචාර මොන වගේ ද?

එයා ඒවා බලන්නේ නැහැ. මොකද එයාට ඒවා බලන් ඉන්න බැහැ. නොබලා ඉන්නවා මිසක් කවදාවත් ඒවා ගැන රණ්ඩු කරලා නැහැ.

එතකොට නෙහාරා වෙනත් නළුවෙන් සමග ආදර ජවනිකාවක් රඟපෑම ඔබට තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති කරනවා ද?

මට තරහක් ඇති වෙනවා. එයා ඒ ජවනිකාව හරියට කරන්නේ නෑ කියලා හිතුණොත්. මොක ද මම දන්නවා නෙහාරාගේ ආදරේ කරන්න පුළුවන් පරිමාව කොච්චරක්ද කියලා. ඉතිං මං එයාට කියන්නේ මට ආදරේ කරන විදියට ඒ ජවනිකාවේ දී ඒ නළුවටත් ආදරේ කරන්න. චරිතෙට තමන්ගේ උපරිමය දෙන්න කියලයි. ඒ හැරුණු කොට ඒ වගේ දේකට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයෙක් ‍නෙවෙයි මම.

ඔබේ පවුල් ජීවිතය තුළ ඔබට හරි කෙනා ලැබිලා ඉන්නවා කියලා ඔබ හිතනවා ද?
 
මම දැනට හිතනවා කැමැතිම කෙනා ලැබිලා ඉන්නවා කියලා. අපි විවාහ වෙලත් දැන් මාස අටක්. ප‍්‍රශ්න නැති පවුල් ජීවිත කාටවත් නැහැ. ප‍්‍රශ්න හරි විදියකට විසඳාගෙන ජීවත් වෙන එකයි ජීවිතය කියන්නේ. මං හිතනවා හරි කෙනා හම්බ වෙලා තියෙනවා කියලා.


නෙහාරා හැරුණු කොට පෞද්ගලික ජීවිතයේ ඔබ ආදරය කරන කාන්තාවක් ඉන්නවා ද?

ඔව්. කාන්තාවක් ඉන්නවා. ඒ මගේ අම්මා. ඒ වගේම මගේ සහෝදරියටත් ගොඩක් ආදරෙයි.

දික්කසාදය, දෙවනවර විවාහ වීම පිළිබඳ සමාජයේ පවතින්නේ තරමක් දෝෂ සහගත දෘෂ්ටියක්. ඇයි මිනිස්සු මානුෂිකව ඒ දෙස නොබලන්නේ?

මම දකින්නේ ඕක අපේ ජානවල වරදක්. අපේ මිනිස්සු කාටහරි කරදරයක් වුණාම උදව්වට එකතු වෙනවා. ඒත් කෙනෙක්ගේ සතුටකදී සතුටුවෙන්න එකතු වෙනවා අඩුයි. ජීවිතේ මොකක් හරි වෙනසක් වෙද්දී ඒ දිහා බලන්නේ වැරදි කෝණෙකින්. තමන්ගේ පවුලෙන් ප‍්‍රශ්න තියෙනවා. ඒත් පේන්නේ නළු, නිළියන්ගේ, ක‍්‍රීඩකයින්ගේ ප‍්‍රශ්න මෙයාට අරය නිසා මෙහෙම වුණානේ කියලා ප‍්‍රශ්න හදාගෙන ද`ගලනවා. සමහරවිට මම රංගන ශිල්පියෙක් නොවුණා නම් ඔය දේ මං දකින්නෙත් ඔබ කියූ විදියටම තමයි. මේක අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නයක්. මං හිතනවා පිටරටවල්වල දියුණු මිනිස්සු දිහා බලලා අපි හැදෙන්න ඕනේ.

ඔබ නෙහාරව විවාහ කර ගන්නේ ජීවිතයේ තවත් එක් ආදර ජවනිකාවක් විදියටද නැත්නම් ජීවිතයේ ඇත්තටම හොයපු කෙනා මුණ ගැහුණු නිසා ද?

මම හිතන්නේ නැහැ ජීවිතේ අපි හොයන කෙනා හම්බවෙනවා කියලා කවමදාකවත්. මේනක රාජපක්ෂ කියන්නේ අසීමිත විදියට ආදරේ අවශ්‍ය කෙනෙක්. මං නෙහාරාව දැක්කේ අසීමිතව ආදරය කරන්න පුළුවන් කෙනෙක් විදියට. මගෙන් නෙහාරට ආදරේ ලැබුණාද ලැබෙනවාද කියන එක ‍නෙවෙයි මං බලන්නේ. මට ලැබෙනවද කියන එක. මං ආදරේදී හරිම ආත්මාර්ථකාමීයි. මට කියාගන්න තේරෙන්නේ නැති තරමට අසීමිත ආදරයක් තියෙන ගැහැනියක් නෙහාරා කියන්නේ. ඒ ඇරුණාම මම හොයපු කෙනා නෙහාරාද කියලා මටත් තවම හිතාගන්න බැහැ. මේක ආදර ජවනිකාවක් ‍නෙවෙයි. මේක අපේ සැබෑ ජීවිතේ. අපි එකතු වුණෙත් අපි දෙන්නට දෙන්න ආදරේ කරපු නිසයි.

No comments:

Post a Comment

Post Bottom Ad