විදුලි බිඳවැටීම කඩාකප්පල් ක්‍රියාවක් ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

විදුලි බිඳවැටීම කඩාකප්පල් ක්‍රියාවක් ද?

දිවයින පුරා පැවති විදුලි සැපයුම පැය 03 කට ආසන්න කාලයක් ඇණ හිටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක්දැයි සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.

ඊයේ (25) සවස විදුලිය ඇණහිටීම සිදුවූ ආකාරයටම මෙයට මාසයකට පමණ පෙර ද විදුලිය බිඳ වැටීමක් සිදුවු නිසා මෙම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙම හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා බාහිර විමර්ශනයක් සිදුකර හැකි ඉක්මනින් වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.
හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ කමිටු රැස්වීමක් ද ඊයේ පස්වරුවේ දී විෂය භාර අමාත්‍යයවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad