යාපනයේ සරසවි සිසුන්ට අමුතු නීතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

යාපනයේ සරසවි සිසුන්ට අමුතු නීතියක්

යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිසුන්ට පැනවීමට යෝජිත නව ආචාරධර්ම පද්ධතියට සිසු සංගම් තම විරෝධය පළකරන බව වාර්තා වේ.

නව ආචාරධර්ම පද්ධතියට අනුව සිසුන්ගේ ඇදුම් පැළදුම්, කොණ්ඩය සහ රැවුල බෑම සිසුන්ගේ සංස්කෘතියට අනුව සිදුවිය යුතු අතර සිසුවියන් සිකුරාදා දිනයට සාරි වලින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුය.

මීට අමතරව සිසුන් සියලුමදෙනා සර්ව ආගමික වැඩසටහන් වලට සහභාගී වියයුතු බවත් නව ආචාර ධර්ම පද්ධතියේ සඳහන්වන බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් යාපනය විශ්වවිද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ටී.සශිදරන් මහතා ප්‍රකාශකරන්නේ නව අචාරධර්ම පද්ධතිය නිසා සිසුන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන බවත් සිසුන්ගේ නිදහස මෙන්ම පෞද්ගලිකත්වය ද ඉන් විනාශ වන බවත් ය.

නව ආචාරධර්ම පද්ධතිය ඉවත්කර ගැනීම සඳහා පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ තීරණය කොට ඇති බව පැවසූ සශිදරන් මහතා ඊට පාලන අධිකාරිය එකඟ නොවුවහොත් දිගින් දිගටම ශිෂ්‍ය අරගල තුළින් සිසු අයිතිවාසිකම් දිනාගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය.

යාපනය විශ්ව විද්යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය වී.ඥාණකුමරන් පැවසුවේ මේ සියලුම දේ තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවයි.

දිනසේන රතුගමගේ - වවුනියාව

No comments:

Post a Comment

Post Bottom Ad