අවිගත් කොල්ලකරුවන්ගේ තැත වරදී - කෝටියක් බේරෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

අවිගත් කොල්ලකරුවන්ගේ තැත වරදී - කෝටියක් බේරෙයි 

හෝමාගම ප්‍රදේශයේ බැංකුවකට මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් සොරා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගේ උත්සාහය ව්‍යාර්ථ කිරීමට පොලීසියට සහ හමුදාවේ නිලධාරීන් පිරිසකට හැකි වී තිබේ.

හෝමාගම ගලවිලවත්තේ ඉන්ධන පිරවුම්හල්කරුවෙකු විසින් බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් කෝටියකට ආසන්න මුදලක් බැංකුව ඉදිරිපිට දී පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනා දුවනවිට දී ඔවුන් පසුපස දුවන ලද හමුදා කපිතාන්වරයකු ඔවුන් මෙල්ල කර මුදල් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබේ.

සිද්ධිය දුටු එම බැංකුව ඉදිරිපිට රථවාහන හසුරුවමින් සිටි පොලිස් සැරයන්වරයා අවිගත් කොල්ලකරුවන් පසුපස හඹාගොස් ඇති අතර  හමුදාවේ පිරිසක් ද ඊට එක් වී ඇතැයි වාර්තා වේ. පිහියක් රැගත් කොල්ලකරුවකු සමග සටන් කර සල්ලි සහිත බෑගය ආපසු ලබා ගැනීමට ඔවුන් සමත් වී තිබේ.

අද පෙරවරුවේ මීගොඩ දී කාන්තා ණය දෙන සමිතියකට පැන රුපියල් 60,000ක් පමණ මුදලක් පැහැර ගන්නට ඇත්තේ මෙම කොල්ලකරුවන් විය හැකි බවට පොලීසිය සැක කරයි.

කළුතර - බිමල් ශ්‍යාමන් 

No comments:

Post a Comment

Post Bottom Ad