ශ්‍රී ලංකා - නවසීලන්ත ගිවිසුම් කිහිපයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

ශ්‍රී ලංකා - නවසීලන්ත ගිවිසුම් කිහිපයක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා අද (24) ගිවිසුම් කිහිපයකට එළැඹුණි.

ඊයේ (23) රාති‍්‍රයේ දිවයිනට පැමිණි නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම්වලට අත්සන් කිරීම සිදුවිය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවය පැවති අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළින් දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් වනු ඇති බව කියාසිටියේ ය.

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා සහ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad