ධනපති පන්තියට ප්‍රාග්ධන බද්දක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

ධනපති පන්තියට ප්‍රාග්ධන බද්දක් 

ධනපති පන්තියට ප්‍රාග්ධන බද්දක් සාමාන්‍ය ජනතාවගෙන් වැඩි බදු ප්‍රමාණයක් අය කර ධනපතියන්ගෙන් අඩු බදු අය කරන ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වෙනස් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞභාග්‍යය පිළිබඳ ලෝක බැංකුවේ තොරතුරු වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් 80% ක් පමණ ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් බව පෙන්වා දෙන අගමැතිවරයා මෙම තත්ත්වය වෙනස් කිරීමට වැඩි ආදායම් ලබන පැලැන්තියෙන් ප්‍රාග්ධන බද්දක් අය කිරීමේ අදහසක් ඇති බව පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad