ජනපති යළි දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ජනපති යළි දිවයිනට

ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංයාරයකට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(21) උදෑසන දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට යුරෝපයේදී ලැබුණු ඉහළම ගෞරවය පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට මෙම සංචාරය උපයෝගී කරගත් බව විචාරකයින් පවසයි.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය ඇතුළු එරට රජයේ නියෝජිතයින් සමඟ ද, ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහය පළ කිරීමට රාජ්‍ය නායකයින් එකඟතාව පළ කළ අතර ගිවිසුම් කිහිපයකට එළඹීමට ද හැකි විය.
ජනාධිපතිවරයා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවු අතර යුධ ගැටුම් හේතුවෙන් රටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මව්බිමට පැමිණෙන ලෙස ද ආරාධනා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad