කොළඹ පානීය ජලයේ අසූචි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

කොළඹ පානීය ජලයේ අසූචි?

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයට ජලය ලබා ගන්නා කැළණි ගංගාවේ ජලය ඉතාමත් භයානක ලෙස අපවිත්‍ර වී ඇති බව හෙළි වී ඇත.

වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් සිදු කළ පරීක්ෂාවකින් පසු මේ බව අනාවරණය වී ඇති බව යි වාර්තා වන්නේ. එම ජලයෙහි 180% ක් අසූචි ද, 200% ක් 'E-coli' බැක්ටීරියාව ද අඩංගු බව එම පරීක්ෂණයෙන් හෙළිව ඇතැයි පැවසෙන අතර සංචාරක පුරවරයක් බවට පත් වී ඇති කිතුල්ගල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම්වල, සංචාරක හෝටල්වල වැසිකිළි කැසිකිළි ගං ඉවුරේ පිහිටා තිබීම සහ එම හෝටල්වල පිහිනුම් තටාකයන් හි ජලය ගංගාවට මුදා හැරීම මෙයට හේතු වී ඇති බව පැවසේ.

කැළණි ගංගාවේ ජලය අපවිත්‍ර වී ඇතැයි තහවුරු කර ඇති වාර්තාව ජනාධිපති කාර්යාලය හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන කරා යොමු කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad