සජින් වාස්ගේ අලි පැටියෙකුත් අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

සජින් වාස්ගේ අලි පැටියෙකුත් අල්ලයි

හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන මහතාගේ අම්බලන්ගොඩ නිවසේ රඳවාගෙන සිටි අලි පැටවකු අද (18) දින වනජීවී භාරයට ගෙන තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් අලි පැටවා සිය භාරයට ගෙන ඇත.

මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ තුළ රඳවා තැබීමට කටයුතු කෙරෙන බව පැවසෙන අතර වයස අවුරුදු 15ක් පමණ වන මෙම අලි පැටවා වසර 10ක පමණ කාලයක් ගුණවර්ධන මහතා ළඟ සිට ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad