සුපිරි නළු සංජේ දත් නිදහස් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

සුපිරි නළු සංජේ දත් නිදහස් (VIDEO)

සුපිරි බොලිවුඩ් නලු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

පුනේ නුවර බන්ධනාගාරයක රඳවා සිටි ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් වසර 06 ක සිර දඬුවම් කාලය අඩු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

1993 වසරේ මුම්බායි නුවර සිදු වූ පිපිරීම්වලට අදාළ පරීක්ෂණයකට අදාළ ව 56 හැවිරිදි සංජේ දත් සිරගත කර තිබිණ. එහි දී නීති විරෝධීව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවකට සංජේ දත් වරදකරු විය. අදාළ පිපිරීමෙන් පුද්ගලයන් 257 දෙනෙකු මරණයට පත් වූ අතර 713 දෙනෙකු තුවාල ලැබී ය.

සංජේ දත්ට එහි දී චෝදනා එල්ල වී තිබුනේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගෙන් ගිනි අවි මිල දී ගැනීමයි. එම ගිනි අවි අදාළ කාල සීමාවේ පැවති හින්දු මුස්ලිම් ගැටුම් හේතුවෙන් තම පවුලේ ආරක්ෂාවට ලබාගත් බව සංජේ දත් ප්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad