ඇතැම් විට අහස වළාකුලින් බරව පැවතීම නිසා වේගවත් යටි සුළං ධාරාවන් වර්ධනය වීමට හැකි වන බව ද පැයට කිලෝමීටර් 80 පමණ වේගයක් සහිත තද සුළං ඇතිවිය හැකි බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම ගොඩබිම මෙන්ම මුහුදු ප‍්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බවට ද අකුණු අනතුරු ද ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස ද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අතර ටොනේඩෝ තත්ත්වයන් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

No comments:
Post a Comment