කොළඹ තොටලඟ ප්‍රදේශයේ ඊයේ (17) කඩා ඉවත් කළ අනවසර නිවාසවල පදිංචි වී සිටි සියලු දෙනාට නිවාස ලබාදුන්නේ මීට මාසයකට පමණ පෙර බවත් එම අනවසර නිවාස වලින් ඔවුන්ට ජනවාරි 31 වැනිදාට පෙර ඉවත් වන ලෙස දැනුම් දී තිබූ බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා "මම ප‍්‍රකාශ කරන්න ඕනේ ඊයේ ඇතිවෙච්ච සිදුවීම, මීට පෙර ජනතාවගේ නිවාස කඩපු සිද්ධි සමග කිසිසේත් සංසන්දනය කරන්න එපා. මේ සියළුම නිවාස හිමියන්ට, තාවකාලිකව පදිංචි කරපු 35 දෙනෙක් හැර අනෙක් සියළුම දෙනාට අපි නිවාස ලබාදී තිබෙනවා.
සමහර මාධ්‍ය ඉස්සරහා කතා කරපු අයට දෙක ගානේ දීලා තියෙනවා. එයාලා විශේෂ තත්වයන් යටතේ හිටපු නිසා. එනිසා කිසිම කෙනෙකුට මෙතන නිවාස නැති ප‍්‍රශ්නයක් නැහැ. සෑම කෙනෙකුටම රජය නිවාස අයිතිය දුන්නා. සෑම සාකච්ඡා වාරයකටම මමත් සහභාගී වුනා."ලෙස ප්‍රකාශකර සිටියේ ය.
ඒ අනුව ඊයේ තොටලඟ උද්ඝෝෂකයින් මාධ්‍යය ඉදිරියේ කළේ රඟපෑමක් බව අමාත්‍යවරයා කියාසිටියේ ය. ඒ මහතා මේ බව සඳහන්කළේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ය.

No comments:
Post a Comment