අද කාලගුණයත් අයහපත්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

අද කාලගුණයත් අයහපත්?

දිවයිනේ නැගෙනහිර හා ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දින වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අද පස්වරු 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම අද පෙරවරුවේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මීදුම් තත්වයක් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං සහ  අකුණු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad