'හිරේ දැමීම නීති විරෝධියි' - ඥාණසාර හිමිගෙන් පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

'හිරේ දැමීම නීති විරෝධියි' - ඥාණසාර හිමිගෙන් පෙත්සමක්

හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා විසින් තමා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කළ නියෝගය නීති විරෝධී බවට බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේ ය.

තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) සහ 13 (2) වගන්තිවලින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොණු කර තිබේ.

හෝමාගම පොලිසියේ පැමිණිලි අංශය භාර ස්‌ථානාධිපති විඡේරත්න, මූලස්‌ථානාධිපති උපාලි ලියනගම, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් හා නීතිපති යන හතරදෙනා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad