රනිල් එජාපයට තෙවන පෙළ නායකත්වයක් සොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

රනිල් එජාපයට තෙවන පෙළ නායකත්වයක් සොයයි

එක්සත් ජාතික පක්ෂයට තෙවන පෙළ නායකත්වයක් අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (19) මාතර නූපේ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ය.  

එහිදී අදහස් දක්වමින් " දෙවැනි පෙළ නායකයෙක් ඉන්නවා. ඒත් එකයි. දෙකෙන් විතරක් පක්ෂයක් ගෙනියන්න බැහැ. හොඳ තුන්වැනිපෙළේ නායකත්වයක් ඕනේ. ගම් මට්ටමේ හොඳ නායකත්වයක් ඕනේ. ගම්වල වැඩකරපු බොහෝ දෙනෙක් දැන් අපි වගේ. 

දැන් අපිත් ටිකක් විශ්‍රාම ගන්න ඕනේ. අපි ටිකක් පස්සට වෙලා බලන් ඉන්නවා ඡන්ද කාලේට විතරක් එළියට එන්න. අපිට තියෙන්නේ එතනත් අලුත් අය පුහුණු කරවන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ පක්ෂයේ තුන්වැනි පෙළක් ඇතිකරන්න මම දැන් මහන්සි වෙනවා. 

ඊට පස්සේ හතරවැනි පෙළ ඇතිකරන්න මේ අය උවමනා වෙනවා".යි කියාසිටියේ ය.  වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා ජාතික ආණ්ඩුව දෙස රටේ ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටින බව ද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad