දැරිය දූෂණය කිරීමට ඇගේම මව උදව් කළැයි සැකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

දැරිය දූෂණය කිරීමට ඇගේම මව උදව් කළැයි සැකයක්

වවුනියාව බණ්ඩාරිකුලම විපුලානන්ද විද්‍යාලයේ 13 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට මරාදැමීමේ සිද්ධියට ඇගේ මව සම්බන්ධ බව වවුනියාව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේ තිබියදී ඇය හෝ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැතිවීම නිසා ඒ සම්බන්ධව පොලීසියට විරෝධය පළකරමින් ඊයේ (24) උතුරේ හර්තාල් ව්‍යාපාරයක් ද දියත් කොට තිබුණි. අදාළ දැරිය පසුගිය 16 වෙනිදා තම  නිවස තුළම ගෙළ වැළලාගෙන මියගොස් සිටි අතර මුලින් වාර්තා වූයේ එය සියදිවි හානි කරගැනීමක් ලෙසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේදී ඇගේ සිරුරේ නියපොතු පහරවල් 09ක් දක්නට ලැබුණු අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ සදහන් වූයේ ඇය ලිංගික අතවරයකට ලක්ව ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad