ඇඹිලිපිටිය හිටපු ASP යළි රිමාන්ඩ් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

ඇඹිලිපිටිය හිටපු ASP යළි රිමාන්ඩ් (PHOTOS)

පසුගිය ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයක දී ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මියයාම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්ව සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් නිළධාරීවරයා ලබන මස 02 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති අතර අදාළ තැනැත්තාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව 19 වෙනිදා ප්‍රකාශයට පත්කිරීමය නියමිත ය.

සැකකාර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතා ඇප ඉල්ලමින් ඇඹිලිපිටිය මහාධිකරණයට පෙත්සමක් ද ගොනුකර ඇත. 

අද (17) ඇඹිලිපිටිය උසාවිය අවට ආරක්ෂාව තරකර තිබූ බවත් උසාවියට ඔහු ගෙන එද්දීත් ඔහු රැගෙන යද්දීත් පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් කාන්තාවන් ඇතුළු පිරිසක් ඔහුගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට නොයෙකුත් උපක්‍රම යෙදූ බවත් වාර්තා වේ.

ඡායාරූප පහතින්....

IMG_2374[1]
IMG_2402[1]

No comments:

Post a Comment

Post Bottom Ad