කොළඹ ගාලු මුවදොර හි ඉදිවෙමින් පවතින සිය සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන 'වන් ගෝල් ෆේස්' හි නිවාස වලින් අඩක් පමණ මේ වන විටත් අලෙවි වී අවසන් බව ෂැංග්‍රි-ලා හෝටල් සමාගම පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂැංග්‍රි-ලා හෝටල් සමාගමේ මෙරට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - රාජිව් ගාග් පවසා ඇත්තේ මෙහි බහුතරය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසින් වුවත්, විදේශිකයන් ද සැලකිය යුතු ප්‍රමාණයක් ද සිටින බව හෙතෙම කියා සිටියි. ඇමෙරිකානු ඩොලර් මිලියන 608ක ආයෝජනයකින් ඉදිවන 'වන් ගෝල් ෆේස්' ව්‍යාපෘතිය 2018 අගදී සම්පූර්ණ වීමට නියමිතය.
"මෙම ව්‍යාපෘතිය පියවර 3කින් සමන්විත වෙනවා. ලබන වසර අවසානයේදී ෂැංග්‍රි-ලා හෝටලය විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු පියවරෙන් අනතුරුව සයමසක් ඇතුළත දෙවැනි පියවරත් ඊට තවත් සයමසකින් අනතුරුව තෙවැනි පියවරත් නිම කිරීමට අප අදහස් කර සිටිනවා," යැයි රාජිව් මහතා වැඩිදුරටත් පවසයි. 'වන් ගෝල් ෆේස්' ව්‍යාපෘතියේ වර්ග අඩියක මිල සටහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 405කටයි.
Monday, February 8, 2016
ෂැංග්‍රි-ලා හි 'වන් ගෝල් ෆේස්' හි 50%ක් අලෙවි වෙලා!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment