නිලන්තිගෙන් අමුතු වැඩක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

නිලන්තිගෙන් අමුතු වැඩක්

නිලන්ති ඩයස් රූමත්, දක්ෂ රංගන ශිල්පිනියක් මෙන් ම දක්ෂ නර්තන ශිල්පිනියක්. එහෙත් ඉතින් මේ දිනවල ඇගේ මුහුණු අපට දකින්නට නොලැබෙන තරම්. ඒ ඇයි කියලා අපි ආරංචි කරලා බැලුවා.

“මේ දිනවල මම කලා කටයුතුවලින් බැහැරව ඉන්නේ. කිසිම වැඩක් බාර ගත්තේ නෑ. මට චූටි දුවෙක් ඉන්නවනේ. ඉතින් එයාට තාම අවුරුදු දෙකයි.‍ එයත් එක්ක මේ දවස්වල සතුටින් කාලය ගත කරනවා.‍ පසුගිය දවස්වල ‘රිදී රැයක්’ රූපගත කිරීම්වලට සහභාගි වුණා. දැන් විවේකීව ඉන්නවා. 

දෙරණ නාළිකාවේ ඉදිරියේ විකාශය ‍වීමට නියමිත රියැලිටි වැඩසටහනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක කලාකරුවකුට මේ වැඩසටහනට ඉදිරිපත් වෙන්න පුළුවන්. කලාකරුවන් සියලුම දෙනා කණ්ඩා‍යම් පහකට බෙදලා තමයි තරගය පවත්වන්නේ. එහි රූපගත කිරීම් ළඟදීම පටන් ගනීවි. 

ඇගේ රංගන ජීවිතයේදී සිදුවූ අපූරු සිදුවීමක් රසඳුනට කිව්වේ මෙන්න මේ විදියටයි. “මීට අවුරුදු දොළහකට කලින් එක ටෙලිනාට්‍යයක රූපගත කිරීමක් කළා දිය ඇල්ලක් ළඟ. ඒ ඇල්ලේ සිංදුවක් කිය කියා නටන්න තමයි මට තිබුණේ. එදා වැස්ස. වැස්සට ඇල්ලේ වතුර පිරිලා ඉතිරිලා යනවලු.  

ගමේ කට්ටියක් කිව්වා වැස්ස නිසා එතනට යන්න එපා කියලා. ඒත් අපි ඇහුවේ නැහැ. අපි දිගටම රූපගත කිරීම් කරගෙන ගියා. ඒ අතරතුර එක පාරට සුනාමියක් වගේ ඇල්ලේ වතුර පිරිලා අපි ෂූටිං කර කර ඉන්න තැනට ආවා. ෂූටිං පැත්තකින් දාලා අපි දිව්වා. අපේ කට්ටිය හොඳටම බයවෙලා. යාඥා කර කර තමයි හිටියේ.”

Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad