ත්‍රස්තවාදය නිමා කර මාතෘ භූමියට නිදහස දිනා ගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ 06වැනි සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ මාතර සමුද්‍ර මාවතේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
කෙසේ වෙතත් දිවි හිමියෙන් නිදහස උදා කර දුන් රණවිරුවන් එසේ සැමරුවද තවමත් කොළඹ නගරයේ පොදු ස්ථාන කිහිපයක රණවිරුවන් සිවිල් ඇඳුමෙන් එම ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන ආකාරය දැකගත හැකිය.
කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අගනුවර ආශ්‍රිතව නගර අලංකරණය කිරීමේ කටයුතු හා සංවර්ධන කටයුතු පසුගිය සමයේ සිදු කළ අතර එම ස්ථාන නඩත්තුව හා නිසි පරිදි පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදා සෙබලුන් යොදා ගෙන තිබිණි. නමුත් පසුව ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ වාද විවාද ඇති වුවද එම සෙබලුන්ට නිසි ගෞරවය රැකෙන පරිදි සේවයේ යෙදවීමට තවමත් කටයුතු කර නොමැති බව දක්නට ලැබේ.
එම ස්ථාන නඩත්තු කිරීමට නිසි ක්‍රමවේදයක් සකසා ත්‍රිවිධ හමුදා සෙබලුන් ඔවුන්ගේ හැකියාව හා ගෞරවය රැකෙන පරිදි නිසි වැඩපිලිවෙලක අවශ්‍යතාව වර්තමානය වනවිට දැනී ඇත.
Tuesday, May 19, 2015
රණවිරු සැමරුම අදයි - තවමත් රණවිරුවන් කම්කරු සේවයේ (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment