ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් කළ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පළමු දිනයේ ඇඳක් ලැබී නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
පළමු දිනයේ ඔහුගේ දේශපාලන සගයන් ඔහුට අවශ්‍ය දත් බෙහෙත්, රේසර් පවා ලබා දී නොමැති බවත් ඔහු එහිදි ඉතා හැඟීම්බරව කටයුතු කර ඇති බවත් වාර්තාවේ.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගියදා නියෝග කළේය.
Tuesday, May 19, 2015
සජින් වාස් හිරගෙදර රෝහලේ බිම නිදාගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment