උදය CID ට / සජින් උසාවියට / කෙහෙළිය ට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2015

උදය CID ට / සජින් උසාවියට / කෙහෙළිය ට ඇප

හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ රඳවාගැනීමට උත්සාහ දරා ඇතැයි සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීමට අද (20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම් දී ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.
අද දහවල් 2.30 ට තමාට එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි ද තමා ඊට සහභාගී වන බවද ගම්මන්පිල මහතා පවසයි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (20) බන්ධනාගාර බස්රියෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

තවද හිටපු ජනාමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් ශරිර ඇප නිමය කළේය.

පසුගිය මැතිවරණ සමයේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් නම කෝටියක ගැල්වනයිස් බට මිලදී ගෙන මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇතැයි ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනුකර ඇත. නඩුව සැප්තැම්බර් 02 දිනට කල් තැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad