මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනවලින් ඕන දේවල් කරන්න බෑ - ජනපතිගෙන් නව චක්‍රලේඛයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනවලින් ඕන දේවල් කරන්න බෑ - ජනපතිගෙන් නව චක්‍රලේඛයක්

පළාත් සභා මන්ත්‍රීවරුන්ට වෙන්කරන මුදල් පොදු කටයුතු සඳහා වෙන් කළ යුතු බවත් දැන් එම මුදල් වලින් බඩු භාණ්ඩ ගෙන අවුරුදු ගණන් ගොඩගසා ඡන්ද සමයේදී බෙදා හැරීමේ ක්‍රමය නවතා දමන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ ඊයේ (17)  පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමිනි.

මන්ත්‍රීවරුන් එම භාණ්ඩ මැතිවරණයක් ලංවූ විට ජනතාවට බෙදා දෙන ක්‍රමය වෙනස් කරන බවත් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බවත් ජනාධිපතිවරයා පැවසී ය.

කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනි සිටිමට තමන් කටයුතු නොකරන බවත් තමන් රටේ සියළු ජනතාවගේ නායකයා ලෙසින් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනි සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කරමින් වසර 37 ක් රටේ ජනාතාව ඉල්ලා සිටි දේශපාලන වෙනස ලබාදිමට මෙන්ම නිදහස් පක්ෂයේ සියළු රාජ්‍ය නායකයින්ගේ එම සටන් පාඨය අවසන් කිරිමට තමන් කටයුතු කළ බව හෙතෙම සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad