වෙළේ සුදා නිවැරදිකරු කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

වෙළේ සුදා නිවැරදිකරු කියයි

2008 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා ගල්කිස්සේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි වෙලේ සුදාට අද (18) චෝදනා පත්‍ර බාර දී තිබේ.

ඊට තමා නිවැරදිකරු බව වෙලේ සුදා අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය හමුවේ පවසා තිබේ.

නඩුව අගෝස්තු 10 වැනිදා සිට අවසන් වනතුරු එක දිගට විභාග කිරීමට තීරණය විය. මේ නඩුවේ සැකකරුවකුවූ මලිත් සමීර පෙරේරා හෙවත් අමිල වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවමින් සිටියදී පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මෙසේ පොලිස් අත්අඩංගුවේ පසු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad