ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ලිපි ලේඛන තොගයක් බොරැල්ල කොටා පාරේ බෝතල් පත්තර කඩයකින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
අද (18) උදෑසන 10ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පෝර උරයක දමා තිබූ මෙම ලිපි ලේඛන තොගය ගෙන ආ බව බෝතල් පත්තර කඩයේ හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
පසුව අද පස්වරු 3.00ට පමණ බොරැල්ල බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම ලිපි ලේඛන තොගය පොලිස් භාරයට ගත් බවත් එම ලිපි ලේඛන තොගය හඳුනාගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

No comments:
Post a Comment