කොළඹ 10 ආනන්ද මාවත හා කැටවලමුල්ල මාවත යා කරන මාර්ගය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාවත ලෙස නම් කිරීම අද (19) සවස 3.30ට උත්කර්ශවත් ලෙස එම ස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.
බුද්ධ ශාසන සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව තිස් වසරක අප රට මුහුණ දුන් කුරිරු යුද්ධය නිමා කර එහි විජයග්රහණයට වසර 6ක් සපිරෙන මෙම අවස්ථාවේ එයට සමාමීව යුද ජයග්‍රහණය වෙනුවෙන් සටන්බිමේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙය වූ වීරෝධාර නායකත්වයට ගෞරව කිරීමක් ලෙස මෙය සිදු කරනු ලැබේ.
මෙම මාර්ගය නම් කිරීමට සමඟාමීව එම මාර්ගයේ ගමනාගමනයට බාධාවන පරිදි අනවසරයෙන් මාර්ගය දෙපස ඉදිකර තිබූ නිවාස 30ක පදිංචිකරුවන් වෙත ග්‍රෑන්ඩ්පාස් තොටලඟ ප්‍රදේශයේ ස්ථිර හිමිකාරිත්වය සහිත නිවාස ලබා දීමට ද සැලසුම් කර ඇත.

No comments:
Post a Comment