මාතර නගරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2300ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

මාතර නගරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2300ක්

අද (19) මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් මාතර නගරයේ ක්‍රියාත්මක කෙරෙන විශේෂ රථවාහන සැලැස්මෙහි රාජකාරි කටයුතු සඳහා මෙන් ම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2363 දෙනෙකු සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව ඊයේ (18) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 741දෙනෙකු යොදවා ඇත. 

මීට අමතර ම රණවිරු සැමරුම පැවැත්වෙන ප්‍රදේශයේ සහ අවට ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1622දෙනෙකු ද යොදවා ඇත.  2015 රණවිරු සැමරුම් උළෙල අද මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad