'යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා' - ජනපති  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

'යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා' - ජනපති 

ත්‍රස්ථවාදයට හෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි හිස ඔසවීමට කිසිදු ඉඩක් නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතරදී මේවන විට පැවැත්වෙන විජයග්‍රහණයේ 6 වැනි සමරුව අමතමිනි.

යුද්ධය ජය ගැනීමෙන් පසු කැඩුණු පාළම්, කැඩුණු මාර්ග සංවර්ධනය කළත් කැඩුණු හදවත් සංවර්ධනය කිරීමට අපොහොසත් වී ඇති බවත් නව රජයේ අරමුණ සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද්ධයේ ගෞරවය සියලු රාජ්‍ය නායකයන්ට හා ත්‍රිවිධ හමුදාවටද පොලිසියටද හිමිවන බවද ජනපති අවධාරණය කළේය.

නව ජාතික ආරක්ෂක සැලැස්මක් මේ වනවිටත් අරඹා ඇති බවත් යළිත් යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්නා බවත් ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ පිළිබඳ විශ්වාසය තබන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad