විවාහ උත්සවයේ වියදම් අඩුකර අක්ෂි කාච බෙදූ මනාල යුවලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

විවාහ උත්සවයේ වියදම් අඩුකර අක්ෂි කාච බෙදූ මනාල යුවලක්

අද කාලයේ විවාහ උත්සව වලට අධික ලෙස නාස්තාකාර වියදම් කරමින් බොහෝ සෙයින් මුදල් නාස්ති කිරීම විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. එවැනි කාලයක තම උගත්කමට සරිලන බුද්ධිමත්කමින් යුක්ත ගුරු යුවලක් තම විවාහ උත්සවය කාගෙ කාගෙත් ඇස් ඇරවන ආකාරයෙන් ඉතාමත් ආදර්ශවත් ලෙස පවත්වා තිබෙනවා.

කුලියාපිටිය – යටත්තාවල ප්‍රදේශයේ ගුරු යුවළක් වන ඔවුන්ගේ විවාහ උත්සවයේ අනවශ්‍ය වියදම් කපා හැර, එම මුදලින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් අවශ්‍යව සිටි නමුත් ආර්ථික අපහසුකම් ඇති 12 දෙනෙකු වෙනුවෙන් අක්ෂි කාච ප්‍රදානය කර තිබෙනවා. 

තම විවාහයට එකතුකළ මුදල් අනවශ්‍ය වියදම් කපා හැර මත්පැන් ආදී සියල්ල තම විවාහ මංගල්‍යය අහලකටවත් නොගෙන ඒවාට වැය වන ඇති විශාල මුදලයි මෙලෙස ප්‍රදානය කර තිබෙන්නේ.

01 002

No comments:

Post a Comment

Post Bottom Ad