ඔබ සමාජය ඉදිරියේ ඔබගේ පවුරුශය ගොඩනගාගත් හෝ ගොඩනගාගැනීමට උත්සහකරන කෙනෙක් නම් කාන්තාවකගේ නමක් ටැටූ කිරීම ඔබගේ පවුරුශයට හොඳ නෑ. ඒ නම ඔබගේ පෙම්වතියගේ භාර්යාවගේ වෙන්නට පුලුවන් නමුත් සමාජය ඉදිරියේ ඔබව හඳුන්වන්නේ ඔබගේ නමින් මිස ඇයගේ නමින් නොවේ.
මුහුණ බෙල්ල හිස යනු ඔබගේ සිරුරෙහි එළියට නිරාවරණයවූ වැදගත් කොටසකි. තවද එම ස්ථානවල ටැටූ කිරීමෙන් හානි වන්නේ ඔබගේ ප්‍රතිරූපයටයි. ටැටූ අනෙක් අයට පෙනීම අනිවාර්ය නැත. එම ස්ථාන ඔබ තවත් කෙනෙකු සමඟ කතාබස් කරන විට නිතර දිස්වෙන නිසා එහි ප්‍රියමනාප ගතිය ටැටූ නිසා වෙනස් විය හැක.
මෙයින් අප අදහස් කලේ මුලු අතම නොවෙයි. අතෙහි ඇඟිලි හා ඒ ආසන්න කොටසයි. අතට අතදීම හා ඔබ කතා කරන අවස්ථාවල ඔබගේ අත එම අවස්ථාවට ගැළපෙන ලෙස චලනය වේ. එහිදී ඔබ සමඟ සිටින අනෙක් අයගේ අවධානය යන්නේ ඔබගේ අතටයි.
තම ළමයින්ගේ නම් කෙටුවාට කමක් නෑ. රූප කොටන්න එපා. කිසියම් හෙයකින් වෙනෙකු දුටුවහොත් ඔබ ඔහුට ඒ ඔබගේ දරුවා යැයි හඳුන්වා දෙයි. මතක තබාගන්න දරුවාගේ රූපය වුවද ලස්සනට ටැටූවෙන්නේ නැත. ඒ නිසා එය දකින්නාට එතරම් ප්‍රියමනාප අදහසක් එන්නේ නැත.
අලුත් අලුත් ට්‍රෙන්ඩ් එකේ ටැටූ කරන්නත් එපා. එය ඉන්පසු ටැටූ සමාජයේ සුලබ දසුනක් වෙනවා වගේම යම් හෙයකින් ටැටූ එක ඇති පුද්ගලයෙකු කිසියම් නීතිවිරෝධී හෝ අකටයුත්තක් කළහොත් ඔබත් අවධානමකට ලක්වේ. ඒ වගේම ටැටූ එකට සමාජයේ නරක ලේබල් එකක් වැදුනොත් ?
ඔබගේ ටැටු එක ආවේගශීලි වුවහොත් එය ඔබව බාහිරින් මනින් කෙනෙකුට වැරදි අදහසක් ඔබගැන දීමට ඒක එක් හේතුවක්
හොඳ ටැටූ එකක් කළ පසු එය ටික කලකට ස්ථීරවම පවතී. හෙයා ස්ටයිල් එකක් වගේ නිතර මාරු කළ නොහැක. ඒ නිසා හොඳින් අධ්‍යනය කර තමුන්ට ගැළපෙන ටැටූ එකක් තෝරාගන්න.
No comments:
Post a Comment