තම පවුලේ සාමාජිකයින්ට එරෙහිව මිනීමැරුම් චෝදනා පවා එල්ල කිරීමට වත්මන් ආණ්ඩුව පියවරගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙ බව පැවසීය.
ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අරමුණ අසත්‍යය චෝදනා නගමින් තම දේශපාලන ගමනත් පවුලේ සාමාජිකයින්ටත් පීඩා කිරීම බවයි. මේ අතර “ ඉස්‌සර අපේ රටේ නඩු අහලයි දඬුවම් කරන්නේ. ඒත් අද දඬුවම් දීලයි නඩු අහන්නේ. ඒකට මේ කිට්‌ටුවම තියෙන හොඳම සාක්‌ෂිය තමයි ජොන්ස්‌ටන් ඇමැතිතුමා.
නඩු නිමිත්තක් නැතුව හිරගෙදරට යවලා සති කීපයක්‌ම හිරගෙදර තියල මහඅධිකරණයට ගිහින් නිදහස් කරනවා. නීතිඥයෙක් වශයෙන් මට නම් ඒක අනුමත කරන්න බැහැ” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත් පැතීම උදෙසා වාරියපොල පැන්නිතව ශ්‍රී විමල බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැති ආශිර්වාද පූජාවක් සඳහා එක් වීමෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.
“ පසුගිය කාලයේ මේ රටේ සංවර්ධන කටයුතු වැඩිවුණාද, අඩු වුණාද කියලා ඔබම හිතල බලන්න. අපි බලාපොරොත්තු වන්නේ යහපත් පාලනයක්. ක්‍රෝධයෙන්, වෛරයෙන් තොර පාලනයක්. වෛරය, ක්‍රෝධය පිරිමහන්න පමණක් නායකයා කටයුතු කළොත් දරුවන්ට දෙන ආදර්ශය කුමක්‌ද?
එය භයානක සමාජ රෝගයක් විධියටයි මම දකින්නේ රාජපක්‍ෂ පවුල විනාශ කරන්න කථා කරන පාලකයා සමාජයට දෙන පණිවිඩය මොකක්‌ද? අපි ඒව ගැන වැඩිපුර කතා කරන්න හොඳ නැහැ.” යනුවෙන්ද පැවසීය
Saturday, May 30, 2015
වත්මන් ආණ්ඩුවේ අරමුණ මගේ දේශපාලන ගමන නිමා කිරීමයි / මම දැන් නීතිඥයෙක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment