2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පෙරේදා තීරණය කළේය.
රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (29) රාත්‍රී කාලයේත් කහවත්ත නගරයේ විරෝධතාවක් පැවැත්වුණි.
රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයන් මූලික කරගනිමින් මේ වන විට කාන්තා ඝාතන රැල්ලක් සිදු ව ඇති අතර එහි ආසන්නතම සිදු වීම ලෙස වාර්තා වුයේ පුතා විසින් මව ඝාතනය කිරීමේ සිද්ධිය ය.
එහෙත් කහවත්ත-කොටකෙතන තවමත් නොවිසදුණු අපරාධ රැල්ලක් සැරිසරමින් තිබෙනු ඇත.
ඒ අනුව දැනට මෙහි ඇති එකම විකල්පය වන්නේ අභියාචනයක් ඉදිරිපත් කිරීම ලෙස බැලූ බැල්මට පෙනෙන්නේ. මේ වන විට වාර්තා වෙන්නේ අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා කටයුතු කරනුයේ සිය අභිමතය පරිදි වීමය.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී එහි ඉදිරියට යෑම සිදු වන්නේ අලුතින් සාක්ෂි හෝ විමර්ශනයක් ඇරඹීමකින් තොරව වන අතර පැවති නඩු විභාගයේ සාක්ෂි මත පදනම්ව වීමත් ඒ ගැන සලකා බලා අභියාචනයක් ඉදිරිපත් කිරීම නීතිපතිවරයා ගේ අභිමතය පරිදි සිදුවෙන කටයුත්තක් බැවින් කොටකෙතන ඝාතන රැල්ලේ අනාගතය ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළම ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසින්.
මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් ඔහුන්ගේ නිදහස්වීම සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අපරාධයක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් හෝ සැකකරුවන් සෑමවිටම අනිවාර්යයෙන්ම වැරදිකරුවන් නොවන බවය.
ඒ අනුව එය අධිකරණමය ක්‍රියාවලියකින් සනාථ වෙන සාධාරණ විනිශ්චයක් බවත් පෙන්වා දුන්නේය. මෙවන් පසුබිමක් තුළ කොටකෙතන ප්රදේශවාසීන්යළිත් මහත් තැතිගැන්මකට මෙන්ම කැළඹිල්ලකට පත්ව දිවි ගෙවන බවද ඔවුන් සඳහන් කරයි.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමටත් කොටකෙතන සහ අවට ගම්මානවල ජනතාවගේ මරණ බිය සැක සංකා මුළුමනින්ම අවසන් කර ඔවුන්ට විශ්වාසයෙන් යුතුව ජීවිතය ගෙන යාම සඳහාත් මෙකී අපරාධවල සුලමුල සොයා බලමින් සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් යළි යළික් කියා සිටි.
එබැවින් මෙකී සමස්ත කාන්තා අභිරහස් මරණ පිළිබඳ පුළුල් විධිමත් පරීක්ෂණ හරහා තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමටත් කොටකෙතන ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටත් වහා පියවර ගත යුතුව ඇත.

No comments:
Post a Comment