විනිමය චංචා නඩුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් අද (18) නිදහස් කළේය.
අමෙරිකාවේ කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග එක්වී ශ්‍රී ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 30ක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ නඩුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙලෙස නිදහස් කර ඇත.
නොක්ෂියා කෝපරේෂන් කන්සල්ටන්ස් ආයතනය එම නඩුවේ පළමුවැනි විත්තිකරු වේ. දෙවැනි විත්තිකරුවූයේ චන්ද්‍රසෝම පියසෝම හා රවී කරුණානායක තෙවැනි විත්තිකරු ලෙස චෝදනා ගොනු කර තිබුණි.
විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් ඔවුන් මුදල් තැන්පත් කළැයි ගොනු කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී යැයි අධිකරණය සඳහන් කර ඇත.

No comments:
Post a Comment