හැත්තෑව දශකයේ මැද භාගයේ ඇරඹි උතුරු නැගෙනහිර යුද්ධයේ මුල් වකවානුවේදී උතුරේ ක්‍රියාත්මක ත්‍රස්ථ සංවිධාන අතින් ඝාතනයට ලක්වූයේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකයින් සහ පොලිස් ඔත්තුකරුවන්ය.
පළමු ඊළාම් යුද්ධය
1975 ජූලි 27 වන දින ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. පළමුවැනි ඊළාම් යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.
1981 ජුනි 01 වැනි දින යාපන පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී. 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හිදී ත්රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩිතබා සිව්දෙනෙක් මිය ගියේය.
1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප්‍රහාරයක් දියත් විය. 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප්‍රහාරයක් එල්ල කරන ලදී. 1983 ජූලි 15 වැනි දින ලූකස් චාල්ස් ඇන්තනී මිය ගියේය. එහි පළිගැනීමක් ලෙසට ප්රභාකරන් 1983 ජූලි 23 වැනි දින තිරුකෝල්වේලි හන්දියේදී බිම්බෝම්බයක් යොදාගෙන සහ වෙඩි තැබීමෙන් සෙබළු 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙ අර්බුදය මහා යුද්ධයකට පෙරළිණ.
මෙතෙක් තැනින් තැන සිදුවූ වෙඩි තැබීම්, මංකොල්ලකෑම් මුහුණට මුහුණ ලා කරන සටනක් බවට පත්වූයේ මෙම කාල වකවානුවෙන් පසුවය. 1983 ජූලියෙන් පසුව සටනට පිවිසුනු අය මෙන්ම නොපිිවිසුනු අයද සිය ගණනින් මරුමුවට පත් වූහ. දහස් ගණන් දමිළයෝ අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර තිම්පු සාකච්ඡා මේසයේදී පළමු එල්ටීටීඊ ඇතුළු ද්‍රවිඩ සංවිධාන සියල්ලම එකම මේසයක සාකච්ඡාවට පැමිණි නමුත් එකඟත්වයකට පැමිණිය නොහැකි විය.
දෙවන ඊළාම් යුද්ධය
1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා දෙවැනි ඊළාම් යුද්ධය කි‍්‍රයාත්මක විය. මෙය ශී‍්‍ර ලංකා රජයේ හමුදා හා එල්ටීටීඊ සංවිධානය අතර සිදුවිය. ආරම්භයේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු ඔවුන්ගේ ඉලක්ක විය. මෙලෙස දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අතර එයින් සති කිහිපයකින් එල්ටීටීඊය සුළු ප්‍රදේශ කිහිපයක් හැර යාපන අර්ධද්වීපයේම එනම් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, මන්නාරම් දිස්ති‍්‍රක්කයන්හි විශාල ප්රදේශයන්ද නැගෙනහිර පළාතේ ප්‍රත්‍යන්ත ඇතුළු කොටස්හිද අණසක යළි රැඳවූහ.
1990 ජූලි මස 12 වැනි දින එල්ටීටීඊ ත්රස්තවාදීන් කොකාවිල් හමුදා කඳවුර මුළුමනින්ම විනාශ කළහ. මේ අතර එල්ටීටීඊ ය උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම නොකඩවා කරගෙන යන ලදී. 1991 ජූලි 10 අලිමංකඩ කඳවුරට ප්‍රහාරයක් එල්ල වුනි. 1992 මුල් භාගයේදී ත්රස්තවාදීන් විසින් අම්පාර, පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දමූහ. 1992 අපේ‍්‍රල් 10 වැනිදා සිවිල් වැසියන් රැගත් බසයක් බෝම්බවලින් පුපුරවා හැරීය.
1992 අගෝස්තු 08 වන දින ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ මරණය ත්‍රස්තවාදී බිම් බෝම්බයකින් සිදුවිය. මේ අතර 1992 නොවැම්බර් 10 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනයට ලක්වේ. 1993 මැයි 01 ත්රස්තවාදීන් විසින් කොළඹ ආමර් වීදියේදී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසයන්ද මරණයට පත් කරන ලදී. 1991 මැයි 21 වන දින රජීව් ගාන්ධි ඝාතනය කළේය. මෙම තත්වය මෙලෙස සිදු කිරීම තුළින් එල්ටීටීඊ ය ලෝකය තුළ ප්‍රබල ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් විය. ඒ දෙවන ඊළාම් යුද සමයේදීය.
තුන්වැනි ඊළාම් යුද්ධය
1995 ජනවාරි 08 දින යුද විරාමයක් ප්‍රකාශයට පත් විය. මේ අතර සාම සාකච්ඡා පැවැත්වුනු අතර සාම සාකච්ඡා පැවැත්වුණු අතර 1995 අපේ‍්‍රල් 19 වන දින ත්රස්තවාදීන් ති‍්‍රකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කළහ. මරාගෙන මැරෙන ත්රස්තවාදීන් යොදවා මෙය සැළසුම් සහගතව කර තිබුණි. ඉන්පසු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ විය
1995 අපේ‍්‍රල් 28 වන දින පළමුවන ඇව්රෝ ගුවන් යානය ත්රස්තවාදීන් වෙඩි තබා බිම හෙළන ලදී. මෙහිදී ගුවන් හමුදාවේ ඉතා දක්ෂයෙකු වූ රොජර් වීරසිංහ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය. 1995 අපේ‍්‍රල් 29 වන දින දෙවන ඇව්රෝ යානයද වෙඩි තබා බිම හෙළන ලදී. තුන්වන ඊළාම් යුද්ධයේදී විවිධ ප්රහාරයන්ට නිරතුරුවම ලක්වූ අතර ඒවායින් ත්රස්තවාදීන් ද සෙබළුන් ද ඝාතනයට ලක්විය. මෙහිදී රිවිරැස කි‍්‍රයාන්විතය සුවිශේෂී වේ.
රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝම්බර් 17 වන දින පලාලි කඳවුරෙන් ආරම්භ විය. අවසානයේදී බි්රගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතු 53 සේනාංකය 1995 දෙසැම්බර් 02 දින යාපනය නගරය අල්ලා ගන්නා ලදී. නිලධාරීන් 16ක් හා සෙබළුන් 337ක් රිවිරැස පළමු පියවරේදී ජීවිතය පූජා කළහ.
රිවිරැස දෙවන අදියර 1996 අපේ‍්‍රල් 19 වන දින තෙන්නමාරච්චි ප්‍රදේශය අත්පත් කර ගැනීම එහි අරමුණ විය. 1996 මැයි 02 දා වන විට තෙන්නමාරච්චි ප්‍රදේශය මුදාගත් පසු රිවිරැස මෙහෙයුමේ තුන්වන හා අවසාන අදියර 1996 මැයි 15 වන දින දියත් කෙරිණි. 1996 මැයි 25 දින වන විට පේදුරුතුඩුව, වැල්වටිතුරේ, නෙල්ලිඅඩි ප්‍රදේශ ඇතුළු වඩමාරච්චි ප්‍රදේශය හමුදාව මුදවා ගනු ලැබිණ.
2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම 2008 ජනවාරි වන තෙක් පැවතුණි. යුද්ධය නැවත ආරම්භ වන අතර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට දිගටම සිටියහ. එසේ වවත් 2006 මැදදී ආණ්ඩුවත් එල්ටීටීඊ යත් තරමක මහා පරිමාණ යුද්ධයකට එළඹුනේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතිවය. මේ නිසා 2006 සහ 2007 වසර වලදී ලංකාවේ යුද්ධය අප්රකාශිත යුද්ධයක් ලෙස පැවතුනි.
මෙහි ආරම්භක අවස්ථාව ලෙස 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්ටීටී ය මාවිල්ආරු ජල දොරටුව වසා දැමුවේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ ය. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. ඉන් ඇරඹි මානුෂීය මෙහෙයුම ඉතාමත් තීරණාත්මක විය .
මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයටත් සන්නද්ධ හමුදා ප්රධානීන්ටත් භාර දී ඇත
මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ය කල්පනා කලේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇතිවන මානව අයිති වාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප්රචණ්ඩ කි‍්‍රයා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.
එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදී කි‍්‍රයාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප්රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යාම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැගීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්නය. නමුත් 2006 අවසානයේදී නැගෙනහිර පළාතේ කෙරුණු යුද්ධයේ දී නැගෙනහිර පළාත ජය ගැනීමට පහසුවෙන්ම ආණ්ඩුවට හැකි විය
මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප්රපංචයන්ට බරපතල හානි සිදු කළ ත්‍රස්තවාදය 2009 මැයි 18 දා නන්දිකඩාල් ප්‍රදේශයේදී ඇවිළුණු අවසන් සටනේදී වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය වීම සමගින් දශක තුනක් තිස්සේ ඇවිළුණු යුද ගිණි නිවී ගියේය.
Monday, May 18, 2015
තිස් වසරක යුද්ධය නිම කොට 6 වසරක් ගෙවී යයි....
Tags
# විශේෂාංග පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
විශේෂාංග පුවත්
Labels:
විශේෂාංග පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment