කොළඹ වේගය පැ.කි.මි. 6ට අඩුවෙන ලකුණු ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

කොළඹ වේගය පැ.කි.මි. 6ට අඩුවෙන ලකුණු !

කොළඹ නගරයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8ක් දක්වා අඩු වී ඇතැයි ‍මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ප්‍රවාහන විශේෂඥ අමල් කුමාරගේ මහතා පවසයි.

මේ තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරියේදී පැයට කිලෝමීටර් 6ක් දක්වා අඩු වනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

මේ නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන ස්වයං සීමාකරණයකට යටත් කළ හැකි පරිදි මහා පරිමාණ සැලැස්මක් මේ වන විට සකසා ඇති බවත්, ඒ සම්බන්ධව විද්වත් සමුළුවක් පසුගිය 25, 26 දෙදින පැවැත්වූ බවත්, ඒ අනුව ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදු කරනු ලබන බවත් මහාචාර්යවරයා පවසයි.

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන කේන්ද්‍රය ඉදි කිරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad