කෝච්චියේ මාල කැඩුවා කියා අපහාස කළාට රන්ජන්ට රෝහිතගෙන් නඩු! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

කෝච්චියේ මාල කැඩුවා කියා අපහාස කළාට රන්ජන්ට රෝහිතගෙන් නඩු!

ද්වේෂ සහගතවත්, පදනම් විරහිතවත් දේශපාලන වෛරයෙන් තමාගේත්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේත් චරිත ඝාතනය වන පරිදි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ වැඩසටහනකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පවරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රූපවාහිනි නාළිකාවක පැවැති වැඩසටහනේදී පදනම් විරහිතව කළ ඒක පාර්ශ්විකව දේශපාලන මඩ ගැසීම් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඊයේ (28දා) කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීවේය.

"දේශපාලන ඉතිහාසය ගත්තම විවිධ දේශපාලනඥයන් සමඟ අපි විවිධ තර්ක විතර්ක කරල තියෙනවා. මතවාද වෙනුවෙන් වාද විවාද කර තිබෙනවා. එහෙත් කිසිදිනෙක අපි කිසිම දේශපාලනඥයකුට එහෙම මඩ ගහල, අපහාස කරලා, චරිත ඝාතන කරල නැහැ. එහෙත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා මේ වැඩසටහනේදී මටත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාටත් ඉතාම පහත් නින්දිත ආකාරයට මඩ ප්‍රහාර එල්ල කරල චරිත ඝාතන කළා.

කිසිම මහජන නියෝජිතයකු නොකරන ආකාරයට පෞද්ගලිකව නම් කියලා ඔහු කළ ප්‍රකාශ සම්බන්ධව ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මහජන නියෝජිතයෝ මෙසේ හැසිරීම ගැන අපි කනගාටු වෙනවා."



No comments:

Post a Comment

Post Bottom Ad