මහින්දවාදීන් පන්නන මෙහෙයුම ඇරඹේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

මහින්දවාදීන් පන්නන මෙහෙයුම ඇරඹේ !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු කිහිපයක් වහාම වෙනස් කිරීමට එම පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, කුරුණෑගල, නුවරඑළිය සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්කවල මෙලෙස සංවිධායක තනතුරු වෙනස් කිරීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල අනුගාමිකයින් සිටින ආසනවලට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හිතවත් පිරිස් සමසංවිධායකයින් පත් කිරීමට ද නියමිතය.

ඉදිරි සතිය ඇතුළත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්කර ඊට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමටද සැලැසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad