පොප් රජු මයිකල් ජැක්සන් ජීවත් වූ නෙවලන්ඩ් රෑන්ච් නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට විකිණීම සඳහා වෙළඳ පළට එක් කර ඇති බව වාර්තා වේ.
කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා ප්‍රදේශෙය් පිහිටි මෙම නිවස අනෙකුත් ගොඩනැගිලි සහ උද්‍යාන අක්කර 2700ක භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. මයිකල් ජැක්සන්ගේ ණය මිලදී ගත් සමාගම විසින් මෙම ඉඩම නැවත සංවර්ධනය කර විකිණීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, මෙලොවින් සමුගත් පොප් රජු එම නිවසේ ජීවත් වූ බවට වූ සළකුණු රැසක් එම සමාගම විසින් ඉවත් කර ඇති අතර එ් අනුව ඔහු සතුව සිටි වටිනා සතුන් සහ ඔහු විසින් නිර්මාණය කරන ලද විනෝද උද්‍යානයද කලකට ඉහතදී ඉවත් කර තිබේ.
එපමණක් නොව එම නිවසේ නමද වෙනස් කර එය සයිකමෝ වැලි රෑන්ච් ලෙස නම් තබා තිබේ. කෙසේවෙතත්, එහි නව හිමිකරුකට විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක්, පැසිපන්දු පිටියක් මෙන්ම බාබකියු දැමීමට වෙන්වූ ස්ථානයක්ද එහි වේ.
විවිධ ගොඩනැගිලි 22කින් යුක්ත වන මෙම භූමියේ පිහිටා ඇති ප්‍රධාන නිවස කාමර 6කින් සමන්විත වන අතර එය වර්ග අඩි 12,000ක් පුරා පැතිර යයි. පහත දැක්වෙන්නේ වෙළඳ පළට එක් කර ඇති මෙම සුවිශේෂී භූමි බාගයේ ඡායාරූපයි.
(ඡායාරූප -ඩේලි මේල්)
Saturday, May 30, 2015
මයිකල් ජැක්සන්ගේ නිවස විකිණීමට, ගාන සැරයි! (ඡායාරූප)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment