බටහිර සිරියාවේ ISIS ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරයකින් සිරියානු හමුදා සෙබලූන් 70ක් පමණ මියගොස් ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණාගාරය පවසා තිබේ.
එම ආයතනය නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ හොම්ස් නගරයේ සිරියානු හමුදා ඉලක්ක වලට එල්ල කරමින් ඇති ප‍්‍රහාරයෙන් මෙලෙස ජීවිත හානි සිදුව ඇති බවයි.
නගරයට නැගෙනහිරින් පිහිටා ඇති අල් සෙක්නි ප‍්‍රදේශයේ හමුදා මුරපොළ වලට ISIS සටන්කාමීන් විසින් පහරදෙමින් ඇති බවත් ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් රැසක්ද මියගොස් ඇති බවත් සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණාගාරය පවසා ඇත.
පරාජයන් ගණනාවකින් පසු තමන්ගේ ආධාරකරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමේ උපක‍්‍රමයක් ලෙස හොම්ස් හා හාමා නගර ආසන්න ප‍්‍රදේශවල මෙවැනි ප‍්‍රහාර දියත් කරමින් ඇති බව ඔවුන්ගේ අදහසයි.
අලෙප්පෝ, රාකා සහ හසාකේ ප‍්‍රාන්තවලදී රජයේ හමුදා සහ කුර්දි සටන්කාමීන් අතින් ISIS සංවිධානයට දැඩි පරාජයන් අත්කරදී ඇති අතර ඒවා යටපත් කරගැනීමට මිලිටරි ලකුණු රැස්කරගැනීමට ඔවුන් උත්සුක වෙමින් ඇති බව නිකුත් කළ වාර්තාවේ දක්වා තිබේ.
සිරියාවේ හා ඉරාකයේ විශාල භූමි ප‍්‍රදේශයක් පාලනය කරමින් සිටින ISIS සංවිධානය හිස ගසා දැමීම්, කුරුසියේ ඇණගැසීම් ආදී බිහිසුණු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සිදුකරමින් ඇති අතර ඔවුන්ගේ පාලන ප‍්‍රදේශයන් යළි අත්පත් කරගැනීම සඳහා සිරියානු හමුදාවන්, කුර්දි සටන්කාමීන් සහ වෙනත් මිලිෂියා භට කණ්ඩායම් ඒකාබද්ධව සටන් වදිමින් සිටිති.
Monday, March 23, 2015
ISIS කුරුසියේ ඇණ ගසති, හිස ගසා දමති..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment