හවුල් ආණ්ඩු එපා.. පක්‍ෂය පාවාදී ගමට එන්න එපා.. අප ඔබ සමඟයි – පුංචි මන්ත‍්‍රීන් 260ක් මහින්ද ඉදිරියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

හවුල් ආණ්ඩු එපා.. පක්‍ෂය පාවාදී ගමට එන්න එපා.. අප ඔබ සමඟයි – පුංචි මන්ත‍්‍රීන් 260ක් මහින්ද ඉදිරියේ

හවුල් ආණ්ඩුවේ ඇමතිධුර ගෙන පක්‍ෂ පාවාදුන් අයට තවත් නම් ගමේ ඡන්දය ඉල්ලාගෙන එන්නට එපා යයි අනුරාධපුර හා කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවේ කියා සිටියහ.

දිස්ත‍්‍රික්ක දෙකෙහි 350ක් පමණ වූ මන්ත‍්‍රිවරුන්ගෙන් 260 ඉක්මවූ මන්ත‍්‍රී පිරිසක් සහභාගී වූ මෙම හමුවේදී හවුල් ආණ්ඩුව සඳහා සියළු දෙනා දැඩි විරෝධය පල කලහ.

එළැඹෙන මැතිවරණයේදී පක්‍ෂය පාවා දුන් මන්ත‍්‍රිවරුන්ට පාඩමක් උගන්නවන්ට ගම්වල මිනිසුන් පෙළගස්වන බවද කියා සිටි ඔවුන් පක්‍ෂය දිනවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

‘ඔබතුමා නැතිව ඡන්දය ඉල්ලන්න අපිට බෑ. ගමට යන්න අපිට බෑ. අපි පාරට බහිනවා’ යයිද දැඩි හඬින් කී ඔවුන් එළැඹෙන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස තරඟ වදින ලෙස එක හඬින් ඉල්ලා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad