නොනාන අයට වැඩියෙන්ම ආස සතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

නොනාන අයට වැඩියෙන්ම ආස සතා

පුද්ගලයෙකුට මදුරුවන් ආකර්ෂණය වීමට වඩාත් බලපාන්නේ පුද්ගල සිරුරේ ජාන සැකැස්ම බව බි‍්‍රතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් විසින් ඔස්යාගෙන තිබේ.

මදුරුවන් ආකර්ෂණය වන කාබන් ඩයොක්සයිඩ් වායුව, දහඩිය, ලැක්ටික් අම්ලය, යූරික් අම්ලය ආදිය සිරුරින් වැඩියෙන් නිකුත් වනපරිදි කිසියම් පුද්ගලයෙකුගේ ජාන සැකැස්ම සකස්වී ඇත්නම් වැඩියෙන් මදුරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය හැකි බව පර්යේෂකයින් පවසයි.

මෙම සංයෝගයන් හදුනාගැනීමේ සමත් ඉතා සියුම් සංවේදක යුගලයක් මදුරුවන්ගේ පිහිටන අතර ගොදුර ඇති තැන ඔවුන් සොයාගන්නේ එම සංවේදක ආධාරයෙන්ය.

දින කිහිපයක් ස්නානය කර නොමැති පුද්ගලයෙකුගේ සිරුරේ දහඩිය තැන්පත්ව තිබිය හැකි බැවින් එවැනි පුද්ගලයෙකුට වෙනදාට වඩා වැඩියෙන් මදුරු ප‍්‍රහාරවලට ලක්වීමේ හැකියාවක් තිබෙන බව පර්යේෂකයින් කියයි.

සිරුරේ ඇති ලේ වර්ගය පවා හදුනාගැනීමට මදුරුවන්ට හැකියාවක් තිබෙන බවද මෙම පර්යේෂණයේදී හෙළිව තිබේ.පර්යේෂකයින් පවසන්නේ මිනිස් ජනගහණයෙන් 85% ක ප‍්‍රමාණයක් සිරුරින් නිකුත් කරන විශේෂ සංයෝගයක් ආධාරයෙන් මදුරුවන්ට සිරුරේ ඇති ලේ වර්ගයද හදුනාගත හැකි බවයි.

ඒ අනුව සිදුකර ඇති සොයාබැලීම් වලින් මදුරුවන් වඩාත් පි‍්‍රයකරන්නේ ‘ ඕ ‘ රුධිර ගණය ඇතියවුන් බවට සොයාගෙන තිබේ.ජනපි‍්‍රයතාවය අඩුම ලේ වර්ගයව ඇත්තේ ‘ ඒ ‘ රුධිර ගණයයි.

No comments:

Post a Comment

Post Bottom Ad