ඇමරිකානු සන්නද්ධ රථ පෙළපාලියට චෙක් ජනයාගේ විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ඇමරිකානු සන්නද්ධ රථ පෙළපාලියට චෙක් ජනයාගේ විරෝධය

චෙක් ජනරජය හරහා ගමන් කිරීමට නියමිතව ඇති ඇමරිකානු සන්නද්ධ රථ පෙළපාලියකට විරෝධය දක්වමින් නේටෝ විරෝධී ක‍්‍රියාකාරීන් සියගණනක් ප‍්‍රාග් නුවරදී උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු හමුදාව නවත්වනු යුධ ටැංකි එපා ආදී වදන් සටහන් කළ පුවරු රැගත් ඔවුන් හා නේටෝ සංවිධානයට පක්‍ෂපාතීව පැවැත්වූ තවත් උද්ඝෝෂණයක නිරතවූ පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගත් බවද වාර්තා වී තිබේ.

කණ්ඩායම් දෙක අතර වචන හුවමාරුවක් මිස ගුටිබැට හුවමාරුවක් සිදු නොවී ඇති අතර පොලිසිය විසින් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

නේටෝ සංවිධානය විසින් ආරම්භ කර ඇති ඩ‍්‍රැගූන් රයිඞ් මෙහෙයුම යටතේ සන්නද්ධ රථ සියයක් සෑම රාත‍්‍රියකදීම යුරෝපා නගරයක නැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය ජර්මනියේ විල්සෙක් නගරයෙන් අවසන් කෙරෙනු ඇත.

චෙක් ජනරජය පසුකරන මෙම රථ පෙළපාලිය සඳහා කිසිදු පාර්ලිමේන්තු අදහස් විමසීමකින් තොරව අනුමැතිය ලබාදීමට එරට රජය තීරණය කර ඇතැයි පැවසේ.

තමන්ගේ රට හරහා ඇමරිකානු මිලිටරි බලය ප‍්‍රදර්ශනය කිරීමේ මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳ චෙක් වැසියන්ගේ විරෝධය පළවී තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි සන්නද්ධ රථ දුම්රිය හරහා ප‍්‍රවාහනය කෙරුණද කලාපය තුළ නේටෝ මැදිහත්වීම විදහා පෑමේ අරමුණින් මෙවැනි රථ පෙළපාලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad