ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සමුගැනීමට සැරසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් සමුගැනීමට සැරසේ

මයික‍්‍රසොෆ්ට් සමාගම සිය ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ‍්‍රවුසරයට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ඇට්ලැන්ටාහි පැවැත්වෙන මයික‍්‍රසොෆ්ට් සමුළුවේදී එම සමාගමේ අලෙවි ප‍්‍රධානි ක‍්‍රිස් කැපොසෙලා පවසා ඇත්තේ හඳුන්වාදීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය විසින් පැරණි වෙබ් බ‍්‍රවුසරය අතහැර දමනු ඇති බවයි.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුළ එය භාවිතා කළ හැකි වුවත් ස්පාටන් ව්‍යාපෘතිය නම් වෙබ් බ‍්‍රවුසරය විසින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙත හිමිව තිබූ තැන අත්පත් කරගනු ඇති බව ඔහු පවසා තිබේ.

ස්පාටන් ව්‍යාපෘතිය නම් මයික‍්‍රසෝෆ්ට්හි නව වෙබ් බ‍්‍රවුසරය මේ වන විට ගොඩනැගෙමින් පවතින අතර එය භාවිතාවෙන් වඩා පහසු සහ වේගවත් වනු ඇතැයි පැවසේ.තවමත් එයට නමක් යොදා නැති නමුදු ගූගල් සමාගමේ වෙබ් බ‍්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් හි ජනප‍්‍රියත්වය හේතුවෙන් එයට මයික‍්‍රසොෆ්ට් යන වචනය යොදාගනු ඇතැයි වාර්තා වේ.

මේ වසර අවසානයේදී වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමගම නව වෙබ් බ‍්‍රවුසරයත් හඳුන්වා දීමට නියමිතය.  ඉතාමත් දිගු ඉතිහාසයක් ඇති වෙබ් බ‍්‍රවුසරයක් වන මයික‍්‍රසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පසුකාලීනව දැඩි විවේචනයන්ට ලක්විය.

මොසිලාහි ෆයර්ෆොක්ස් සහ ගූගල් ක්‍රෝම් වැනි බ‍්‍රවුසරයන් සමග තරග කිරීමට එයට නොහැකි වූ බව විචාරක අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad