ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීළඟ මහා මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ඉල්ලීමට කැමැත්තේ නම් ඒ සඳහා පක්ෂයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු තරග කිරීමට බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය සහ ආසනය කුමක්ද යන්න ඉල්ලුම්
පත්‍රයේ සඳහන් කළ යුතු යැයි ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පක්ෂයේ ක්‍රමවේදය එය බව සඳහන් කළ විපක්ෂ නායකවරයා එසේ නැතිව අගමැති අපේක්ෂකයා ලෙස කිසිවෙක් නම් නොකරන බවත් රත්නසිරි වික්‍රමනායක, මහින්ද රාජපක්ෂ සහ දි. මු. ජයරත්න යන අයගෙන් කිසිම අයෙකු එසේ නම් නොකළ අය බව ද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලනිප දෙකඩ කරන්න හුඟාක් අය බලන් සිටිනවා. එවැනි දෙයකට අප කෙසේවත් ඉඩ තියන්නේ නැහැ. අපි ශක්තිමත්ව සමගියෙන් කටයුතු කරනවා පමණක් නෙමෙයි, අපගේ පාක්ෂිකයින් දන්නවා මොන යම් දෙයකින් හරි පක්ෂය දෙකඩ වුණොත් එහි වාසිය යන්නේ එජාපයට කියලා.
ඒ හින්දා මේ වගේ කැලඹිලි ඇති කරන්නේ එජාපයේ කොන්ත්‍රාත් එකක් නිසා වෙන්නත් පුළුවන් යැයි විපක්ෂ නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
Monday, March 23, 2015
මහින්ද ඡන්දෙ ඇප්ලයි කරද්දි දිස්ත්‍රික්කෙයි ආසනයයි මාක්කර එවන්නලු
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment