මටත් හොරගොල්ලෙන් කට්ටිය ගෙනැවිත් අඬවන්න පුළුවන්.. තුන්පාරක් ඉන්න කියලා මගෙනුත් ඉල්ලූවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මටත් හොරගොල්ලෙන් කට්ටිය ගෙනැවිත් අඬවන්න පුළුවන්.. තුන්පාරක් ඉන්න කියලා මගෙනුත් ඉල්ලූවා..

තමනටද තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ළඟ සිටි අය ඉල්ලා සිටියද තමන් එසේ නොකල බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ‘විරු මව් ප්‍රණාම’ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ තම දෙමවුපියන් පරාජය නොවී ගෙදර ගිය තමනටද  ඕනෑ කමක් තිබිනි නම් බත් පැකට්, අරක්කු දී හොරගොල්ලෙන් සෙනඟ ගෙනවිත් අඬවන්න තිබුණු බවත්ය.

යුද්ධය අවසන් වීමෙන් නිදහස ලැබුණේ එක පවුලකට හා ඒ පවුලේ වටේ හිටි අයට පමණක් යැයිද කී ඇය යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිරි වු කෝටි ගණනක් මුදලින් රට සුරපුරයක් කිරීමට හැකිව තිබුණත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad