සිවිල් වැසියන් අතර ඇමරිකානු විශේෂ හමුදා පුහුණුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

සිවිල් වැසියන් අතර ඇමරිකානු විශේෂ හමුදා පුහුණුවක්

ජුලි මසදී ඇමරිකානු හමුදාවන් විසින් නිරිතදිග ප‍්‍රාන්ත 7කදී විශේෂ හමුදා පුහුණුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජේඞ් හෙල්ම් ලෙස නම් කර ඇති මෙම යුධ අභ්‍යාසය සති 8ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ සඳහා ඇමරිකාවේ අතිවිශේෂ හමුදාවන් වන ග‍්‍රීන් බෙරෙට්, නාවික හමුදා සීල්, ගුවන් හමුදා විශේෂ බලකාය හා මැරීන් බලකායේ සෙබළුන් 1200ක් පමණ සහභාගී  වනු ඇතැයි පැවසේ.

යථාර්ථවාදී හමුදා පුහුණුවක් ලෙස නම් කර ඇති මෙය ඇරිසෝනා, කැලිෆෝනියා, කොලරාඩෝ, නිව් මෙක්සිකෝ, නෙවාඩා, ටෙක්සාස් සහ යුටා ප‍්‍රාන්ත නගරවල ජනතාව අතර පැවැත්වෙනු ඇත.

විදෙස් රටවලදී ඇමරිකානු සෙබළුන් මුහුණදෙන ආකාරයේ පරිසරයක් තුළ හමුදා මෙහෙයුම් සිදුකරන ආකාරය අභ්‍යාස කෙරෙන මෙහිදී සතුරු ප‍්‍රදේශවල කටයුතු කරන ආකාරයට හමුදා සෙබළුන් ක‍්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර හමුදා අභ්‍යාසය අතරතුරදී සැකසහිත යමක් සිදුවුවහොත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙස ටෙක්සාස් ප‍්‍රාන්තවාසීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වේ.

ඇමරිකානු ආරක්‍ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ රථවාහන හා මිලිටරි ගුවන් යානා තදබදය සහ ශබ්දය ප‍්‍රදේශවාසීන්ට එල්ලවන විශාලතම බාධාව වනු ඇති බවයි.

මෙය ඇමරිකාවේ නගර තුළ හමුදා නීතිය ක‍්‍රියාත්මක කිරීමේ පූර්ව සූදානමක් බව ඇතැමෙක් විසින් සැක පහළ කර ඇති නමුදු එය අභූත සැකයක් බව ඇමරිකානු හමුදා විශේෂඥයින් අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad