උතුරේ ස්‌ථානගත කර සිටින හමුදා අඩු කිරීමට තීරණය කර තිබේදැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පැහැදිලි කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.
උතුරු පළාත් සභාවේ 26 වැනි සභාවාරය ඉකුත් 17 වැනිදා පැවැති අවස්‌ථාවේ ඊට සහභාගි වෙමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
උතුරෙන් හමුදාව ඉවත් නොකරන බව අගමැතිවරයා මීට පෙර මහනායක හිමිවරුන්ට ප්‍රකාශ කළ ද තමන් එවැන්නක් නොකී බව රනිල් වික්‍රමසිංහ මහතා අද කියා සිටින බවත් එසේ නම් හමුදාව ඉවත් කිරීමට තීරණයක් ගෙන තිබේද යන්න ඔහු පැහැදිලි කළ යුතු බවත් මෙහිදී මහ ඇමැතිවරයා පවසා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුදාව ඉවත් කරන බව සඳහන් කළහොත් උතුරේ ජනතාවට විශාල සතුටක් ලැබෙනු ඇතැයි ද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.
– Divaina
Friday, March 20, 2015
අගමැති හමුදාව ඉවත් කරන බව කිවුවොත් උතුරේ ජනතාවට විශාල සතුටක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment