ලෝක ආර්ථිකයේ ඇති ඉවත දැමීමේ සංස්කෘතියට පාප්තුමන්ගේ විරෝධයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

ලෝක ආර්ථිකයේ ඇති ඉවත දැමීමේ සංස්කෘතියට පාප්තුමන්ගේ විරෝධයට

ආර්ථික අසාධාරණත්වයට එරෙහිව ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් විසින් නව ප‍්‍රහාරයක් දියත් කර ඇතැයි වාර්තා වේ.

ඉතාලි සමූපකාර ව්‍යාපාර සංගමය අමතමින් ඔහු පවසා ඇත්තේ වත්මන් සමාජ හා දේශපාලන ක‍්‍රමය පුද්ගලයින්ගේ බලාපොරොත්තු අහිමිකිරීම සඳහා ඉරණම් කරගත්තක් බවට පෙනීයන බවයි.

මසකට යුරෝ දෙතුන් සියයක සුළු වැටුපකට අධික පැය ගණනක් පුරා සේවය කිරීමට පුද්ගලයින්ට සිදුව ඇති බවද පාප්වරයා සඳහන් කර ඇත.
රැකියා සඳහා දිගු පෝලිමක් ඇති හෙයින් එයට අකමැති අයට ගෙදර යාමට හැකි බවද ඔහු පවසා තිබේ.  

ෆ‍්‍රැන්සිස් පාප්වරයා පවසා ඇත්තේ දෙන දේ ආහාරයට ගැනීමට සිදුව ඇත්තේ කුසගින්න හේතුවෙන් බවයි.ඔහුගේ අදහස් ඉතාලියේ වත්මන් තත්වය හා බෙහෙවින් සැසඳෙන අතර වසර ගණනක ආර්ථික අවපාතයකින් පසු තරුණ ප‍්‍රජාව අතර විරුකියාව ඉහළ ගොස් ඇතැයි පැවසේ.

ආජන්ටිනා ජාතිකයෙකු වන ෆ‍්‍රැන්සිස් පාප්තුමන් අසාධාරණය හා අසමානතාවය වපුරන සාම්ප‍්‍රදායික වෙළඳපොළ ආර්ථිකයට ප‍්‍රබල විවේචනයක් එල්ල කරන්නකු ලෙස ජනප‍්‍රියව ඇත.

ඔහු පවසා ඇත්තේ ගෝලීයකරණ ලෝකය පාලනය කරන්නන් පවත්වාගෙන යමින් ඇති ඉවත දැමීමේ සංස්කෘතියට විකල්ප මාදිලි සහ ක‍්‍රමවේදයන් ඉදිරිපත් කිරීමට උත්සහගත යුතු බවයි.

19වන සියවසේ කම්කරු සංගම් වෙත දිව යන මූලයන් සහිත ඉතාලි සමූපකාර ව්‍යාපාරයට ඒ සඳහා ශක්තිය ඇති බවද පාප්වරයා පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad