රංගන හෙට බෝල් කරන එක ෂුවර් නෑ 50-50 යි - මැතිව්ස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

රංගන හෙට බෝල් කරන එක ෂුවර් නෑ 50-50 යි - මැතිව්ස්

හෙට ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වන්නට නියමිත ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරගය සඳහා දැනට විවේක ගන්වා ඇති රංගන හේරත් ක්‍රීඩා කිරීම විශ්වාසයෙන් තොර බව නායක ඇන්ජලෝ මැතිව්ස් අද 17 දහවල් සඳහන් කර ඇත.

මාර්තු 1  වනදා වෙලින්ටන් නුවර තරගයේදී ආබාධයට ලක්වූ රංගන වෛද්‍ය උපදෙස් මත විවේක ගැන්වූ බවත් ඔහු මේ වනවිට පුහුණුවීම් සඳහා යහපත් ලෙස සහභාගී වන බවත් පවසන මැතිව්ස් අද 17 සවස පවත්වන පුහුණුවීම් වලදී ඔහුගේ හැකියාවන් ගැන භෞති චිකිත්සක ගන්නා නිර්දේශය මත රංගන හෙට කැඳවීමට අදහස් කරන බවත් එය තවමත් 50-50 මට්ටමේ අස්ථාවරතාවයක පවතින බවත් මැතිව්ස් කියා ඇත.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ දකුණු අප්‍රිකාව වැනි පිතිකරුවන් ගහණ කණ්ඩායමක් සමග තරග කිරීමට ලංකාව පැත්තෙන් රංගනගේ සහාය අත්‍යවශ්‍ය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad