අපේ‍්‍රල් 23 මැතිවරණයකට යන්නේ නෑ… වැඩ ගොඩක් කරන්න තියෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

අපේ‍්‍රල් 23 මැතිවරණයකට යන්නේ නෑ… වැඩ ගොඩක් කරන්න තියෙනවා..

දින සියය වැඩපිලිවෙලේ සඳහන් වුවද ඊයේ දිනයේ පිහිටවු ජාතික ආණ්ඩුවෙන් පසු ලබන අපේ‍්‍රල් මස 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බව කම්කරු කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම පිණිස තවත් කාලය අවශ්‍ය බැවින් ලබන ජුනි මාසයේ මහ මැතිවරණය බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබෙන බවයි.

‘බොහෝ දුරට මේ අප්‍රේල් 23 වැනිදා විසුරුවා හැරීම සිද්ද වෙන්නේ නැහැ. 

අපිට ඊට ඉස්සෙල්ල කරන්න ලොකු කාර්යභාරයක් තියෙනව’ යයිද පවසන ඇමතිවරයා දින සියයේ වැඩපිළිවෙලට ඇතුලත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීමෙන් අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කෙරෙනු ඇති බවද සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad